he

Monday, October 31, 2011

මෙන්න "ගාමනී" බාගන්න!

හත හෙඩිම හො ඊට සමාන ලිපි සයිබර් අවකාශය තුල ඔබට කොතෙකුත් හමුවන්නට ඇති. දැනටමත් ඔබ එලෙස එම චිත්‍රපටය බාගත කොට නරබන්නටත් ඇත. ටොරන්ට් මගින් හෝ වෙනයම් ක්‍රමයකින් ඔබ සිංහල චිත්‍රපට බාගත කර නරබනවා නම් මෙ ලිපිය කියවන්න. …
  …"ගාමනී" තම කුලුදුල් නිර්මානයෙන්ම තම කුසලතාවය ප්‍රදර්ශනය කල නිර්මාන ශිල්පියෙකුගෙ නිර්මානයක්. මේ රැල් බුරුලුකර අර අදින්නෙ "ගාමනී" චිත්‍රපටය ගැන විචාරයක් ඉදිරිපත් කරන්නට නම් නොවෙයි. මොකද තවම මම මෙ චිත්‍රපටය නැරබුවෙ නැ (මෙ ලිපිය ලියන අවස්ථාවේදී ). නමුත් අනිවාර්යයෙන්ම මා නරඹන චිත්‍රපටයක්.
  …හොලිවුඩයෙ හො බොලිවුඩයෙ චිත්‍රපට ඔබ බාගතකොට නරඹා නැතිවන්නට නුපුලුවන. සමහරවිට දැනටමත් එවැනි චිත්‍රපටයක් ඔබෙ පරිගනකයට බාගතවෙමින් පවතින්නට පුලුවන.
  උදාහරනයක් ලෙස Ra-One හින්දි චිත්‍රපටයගෙන බලමු එම චිත්‍රපටය නිපදවීමට ඉන්දියානු රුපියල් 1,750,000,000 වැයකොට තිබුනා. පසුගිය දීපවාලි උත්සවය වෙනුවේන් තිරගතකරන ලද "රා-වන්" ඉන්දියාවෙ
පමනක් සිනමා ශාලා 3000ක තිරගත කර තිබුනා. තවද එහි ත්‍රිමාන චිත්‍රපටය සිනමා ශාලා 500ක ද ජර්මනියෙ සිනමා ශාලා 600කත් දකුනු කොරියාවෙ සිනමාශාලා 300 ක් නවසීලන්තයෙ සිනමා ශාලා 25 ක් රුසියාවෙ සිනමා ශාලා 75ක් මැදපෙරදිග සිනමා ශාලා 79ක් ඇමරිකාවෙ සිනමා ශාලා 344ක් ඔස්ට්‍රෙලියාවෙ සිනමා ශාලා 51ක් කැනඩාවෙ හා එංගලන්තයෙ සිනමා ශාලා 253ක මෙම "රා-වන් " තිර ගත කෙරුනා. බලන්න මෙම සිනමා පටය අඩුමතරමින් සිනමා ශාලා 4900 ලොවපුරා ප්‍රදර්ශනය කරනවා. හොලිවුඩ් චිත්‍රපටයක් උදාහරනයට ගත්තත් තත්වය සමානයි. ඔවුන් වැයකල මුදල උපයාගැනීමට අවස්ථා ඔවුනට තියනවා. අවම තරමින් සිනමාශාලා 500 කවත් මෙම චිත්‍රපටි ප්‍රදර්ශනය කරනවා.


අවම පහසුකම් ඇති සිනමා ශාලා 20-30 වැනි ප්‍රමානයක තිරගත කිරීමට නිපදවන සිනමාපටයක් එහි නිර්මාන හිමිකරුවන්ට සතයකුද අහිමි කරවන තත්වයට ඔබෙ ඉහත සඳහන් වැකිය සහිත බ්ලොග් සටහනෙන්, ටොරන්ට් ෆයිල් එකෙන් සම්මාදම් වී තිබෙනවාද ?
…ර්‍Ra-One වැනි නිර්මාන හා සැසදීමෙදී අපෙ නිර්මානකරුවා සිටින්නෙ කොතැනද ඔහු එම තත්වයට පත්වීමට ඔබත් එක් හවුල් කරුවෙකු නේද. මෙය ඇත්තෙන්ම මංකොල්ලයක් කීවොත් මං හිත්න්නෙ මං නිවැරදියි . … …
 සොමරත්න බාලසූරිය මහතාගෙ "සූරිය අරණ" නිර්මානය තුලින් හොඳ ලාබයක් ඉපයූවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගෙන් සාර්ථක නිර්මාන කිහිපයක් අපෙ පොඩි එවුන්ට ලැබුනා. …
  …කතාවක් තියනවනෙ මීයක් කඩන්නෙ අතලොවින්න නෙමෙයි ලියලා.… …වියදම් කර නිර්මානයක් ඉදිරිපත් කර එහි ලාබයක් නොගැනිය හැකිනම් එම නිර්මාන ශිල්පීන්ගෙන් ඉදිරියෙදී සාර්ථක නිර්මාන බලාපොරොත්තු විය නොහැකියි. …අපෙ රටෙ හොඳ නිර්මාන බිහිනොවීමට ඉහත කී නිර්මාන මංකොල්ලය(හොරට විකිනීම ) කෙලින්ම බලපාන්නෙ එහෙමයි.
  ඉතින් සබඳ දැන්වත් ශ්‍රි ලාංකික සිනමාවට නොබැන අපට කලහැකි එකම දෙය, අඩුම තරමින් තුන් මාසයකට වරක් වත් සිනමාහලකට ගොස් චිත්‍රපටයක් නරබන්න. විශේෂයෙන්ම සීංහල චිත්‍රපට බාහත කිරීම් නවත්වන්න.  



ප.ලි: මෙම ලිපිය හදිසියෙ මගෙ සිතට ඇතිවූ සිතුවිල්ලක් මත ලියූවක් බැවින් අඩුපාඩු තිබීමට පුලුවන.

26 comments:

  1. චිත්‍රපට හොරෙන් බාගත කරගැනීම කොහොමත් වැරදියි , මම නම් ඩිඩිඩි රිප් විතර්යි බාන්නෙ , මොකද ලංකාවේ අපිට ඔරිජිනල් ඩිවිඩි ගන්න ලැබෙන්නෙ නැති නිසා . ප්‍රශ්නය තියෙන්නෙ ඕකම නෙවෙයි , බලන්න පුලුවන් තරමේ චිත්‍රපටි හදන්නෙ නැති එක ,. ගාමණි කියන්නෙත් ජාතීවාදි විකාරයක්ය කියලයි බලපු අයගෙ කමෙන්ට් එක , ඒ නිසා බලන අදහස අත්හැරියා

    ReplyDelete
  2. හිංචි මල්ලිOctober 31, 2011 at 8:16 AM

    ‍ෆිල්ම් එක නම් බැලුවේ භාගෙන ඒත් බලලා ඉවර වෙලා හෝල් එකෙන් ටිකට් දෙකක් ගත්තා. කවදාවත් ගෙදර ඉදන් බලන පහසුව හෝල් එකක නෑනේ. මම හිතන්නේ මම කරපු වැඩේ හරි ඒ අයට අදාල මුදල ලැබුණා. මට පහසුවෙන් ෆිල්ම් එක බලන්න ලැබුණා.

    ReplyDelete
  3. සිනමාශාලාවක සිට නරඹන චිත්‍රපටියක සහ ගෙදර TV එක හෝ මොනිටරය මත දිස්වෙන චිත්‍රපටියක රසවිඳීමේ පරාසය බොහොම වෙනස්

    ReplyDelete
  4. මං දන්න තරමින් නම් ටොරන්ට් එක රිලීස් වුණත් ගාමනී එකට වෙච්ච පාඩුවක් නම් නැහැ. ඒගොල්ලෝ ගාන හොයාගෙනයි තියෙන්නේ. ෆිල්ම් එක නම් මාත් බැලුවා. හැබැයි ඒක නම් හෝල් එහෙක ගිහිල්ල බලන්න තරම් වටින ෆිල්ම් එකක් නම් නෙවෙයි. බුවාගේ අදහසට මාත් එකඟයි.

    ReplyDelete
  5. mona karannada bn! mmm! man nam torrent danne class 1e witharai! mm! bt man nam godakma danne hindi films thamai! mmm! sinhala ewwa nam nathi tharam! mmm!

    mona balilla baluwath bNZ hall 1e balana tharam athal ekak TV or monitor 1e naa! :)

    ReplyDelete
  6. බ๤ව๟๧ග๞ ස๢ත๩໶ල๢ ! | Buwage Sithuvili ! මම මුලින්ම කියුවනෙ මෙක ගාමනී ච්ත්‍රපටියට විතරක් අදාල දෙයක් නෙමෙයි මුලු සිංහල චිත්‍රපට කර්මාන්තයටම ...
    හ๢๜๸ මල๞ල๢
    ravinumal කොච්චර වෙනස් උනත් Camara Copy ත් රසකරකර බලන යුගයක් දැන් තියෙන්නෙ

    උද๟ර ඒකනම් ඇග බෙරගන්න කියන කතාවක් හරියට මැරිච්ච හර්කෙක්ව කෑවට පව් නෑ වගෙ. හික්ස්
    ම๟ධව - ம௓தவ - Madhawa මම මෙ ලිපියෙන් කියන්න හැදුවෙත් එක තමයි

    ReplyDelete
  7. මං ඕකේ ටොරන්ට් එක බාපු නැති හින්දා මට කියල අමුතුවෙන් ඇඟ බේරගන්න කියල දෙයකට කිව්වා නෙවෙයි.
    ෆිල්ම් එකේ අයිතිකාර ඇත්තලම තමයි ඔහොම කියන්නේ.
    මං කිව්වේ එයාලට පාඩු නැහැ කියල කියන එක....

    ReplyDelete
  8. Where is the download link?

    ReplyDelete
  9. මම නම් ඉතිං වැඩිය ඔය ‍ෆිල්ම් බලන්නෙක් නෙවෙයි ඒක නිසා මට ඕක අදාල නෑ...බැලුවත් ඔය රුපියල් 150 විතර සැප ටිකට් එකක් වෙනුවෙන් නොඉවසිල්ල/පරිගණකයට වේදනා දීම/මගේ 2GB දුප්පත් පැකේජයේ දත්ත ටික සිඳවීම වගේ දේවල් කරන්නේ නෑ...
    මම ඔය අලුත් සින්හල චිච්චපටි ටික නම් බැලුවා..ඒ කොල්ලො සෙට් එක එක්ක එක්ක ආතල් හෝල් එකකට ගිහින්..හෙහ් හෙහ්..

    ReplyDelete
  10. මම ඉතින් කොහොම බලන්නද... බොරු මක්කටෙයි මම බැලුවෙ භාගෙන... ලංකාවෙ හිටියනම් අනිවා හෝල් එකේ බලනවා... පහුගිය පාර ගිය වෙලේ චිත්තරපටි 4 ක් විතර බැලුවා...

    ReplyDelete
  11. උදාර ඒ ගොල්ලො පාඩු නෑකියන්නෙ අර කපන්න බැරි අත ඉඹිනවා වගෙ වැඩක් මට මෙ ලිපියෙන් කියන්න ඔන කලෙ "ගාමනී" බාන්න එපා කියලා නෙමෙයි අපේ දේ ( ලාංකික ) බාන්න එපා කියලා
    Anonymous හොඳ වෙලාවට ඇනො කෙනෙක් උනේ

    ReplyDelete
  12. ගලයා එහෙමට හරි සිනමා ශාලාවකට යන එවුන් දැන් ඉන්න එකත් ලොකු දෙයක්
    පිස්සා පලාමල්ල පිටරට ඉන්නවන වෙන මක්ක කොරන්නද ? හැබැයි දැන් ඉක්මනට නිශ්පාදකම DVD එලියට දානවා පිටරට ඉන්න අයට සල්ලි දීලා ගත්තට පාඩු වෙන්නෙ නෑ

    ReplyDelete
  13. කාගේ ගරි ලඟ තියෙනවනං ලින්ක් එක දෙන්නකො....මම තාම මේ ‍ෆිල්ම් එක බැලුවේ නෑ....

    ReplyDelete
  14. කුළුදුල් නිර්මාණය වශයෙන් උත්සහය අගය කරන්න ඕනේ. ඒත් ජාතිවාදය ඉස්මතු කරන්න උත්සහ කිරීමක් ඒ චිත්‍රපටියෙන් මතු වෙනවා කියන එක තමා මගේ අදහස. ඒ නිසා බුවාගේ අදහසට මාත් එකඟයි

    මේ වගේ පශ්චාත් යුධ කාලීන සමාජයකට අවශ්‍ය වන්නේ යුධ කාල සීමාවල සිදුවුනු දෑ පෙන්වන චිත්‍රපටිවලට වඩා සංහිදියාව පෙන්වන චිත්‍රපට.

    ඒ අතින් බලද්දී පශ්චාත් යුධ කාලයේ නිර්මාණය වුණු 'ඉර හඳ යට, ගාමනී' චිත්‍රපට දෙකම ඒ කාර්යයෙන් එතරම් සාර්ථක බවක් පෙන්වන්නේ නැහැ

    ReplyDelete
  15. @Hasitha - ඒ වගෙ චිත්‍රපටියක් හැදුවොත් ඌ දේශද්‍රෝහියෙක් වෙනව , මම දැක්ක ඒ ආකාරයේ හොඳම චිත්‍රපටිය සරෝජා , බලන්න ඒක හදපු මනුස්සය අද ඉන්න ස්ථාවරය .ඔය වගේ ජාති වාදී ඒවා කරනවට වඩා හොඳයි කිං හන්තර් වගේ කැත නැතුව හිනා වෙන්න පුලුවන් එකක් හදන එක

    ReplyDelete
  16. @ Buwa ඒක ඇත්ත. ඒත් නැත්නම් හොඳම "කිව්වද නහී නොකිව්වද නහී" වගේ ෆිල්ම් එකක් හදාගෙන පාඩුවේ ඉන්න එක :))

    ReplyDelete
  17. ඇත්තටම කියන්න මම මේ පෝස්ට් එක කීපපාරක් දැක්කා,
    ඒත් බැලුවෙ නෑ,
    මොකද මට ඕක බාගෙනවත් බලන්න ඕන නැති නිසා.
    අපෙ රටේ හොඳ චිත්‍රපටි හැදෙනවා අඩුයි.
    මම නම් මතක කාලෙක ඉංග්‍රීසිවත් ෆිල්ම් එකක්වත් හෝල් එකේ බලලා නෑ,
    සිංහල ඒවා කොහොමත් බලනවා අඩුයි.
    සෝමරත්නගෙ චිත්‍රපටි හොඳට මාකට් කරගන්නවා මනුස්සයා...
    දුප්පත්ම ඉස්කෝලවල ළමයි පවා ඒවා බලන්න අනිවාර්යෙන්ම යනවා.
    ඉතින් දුප්පත් ළමයි සල්ලි ගෙවාගෙන ඒවා බලන්න යනවා.
    මට හිතෙන විදිහට ඒ මනුස්සයා ළමා චිත්‍රපටි හදන්නෙ මාකට් කරගන්න පුළුවන් නිසා.
    ඒ නැතුව ළමයින්ට ආදරේකට නෙවේ,
    ඒවා හැඟීම්බරයි තමා,
    ඒත් සමහරක් ඒවා වැඩක් නෑ.
    අනික මම ඔය ජෝඩුවට අකමැති ඒ මිනිස්සු දේශපාලනේට කඩේ යන අය නිසා.
    ඩවුන්ලොඅඩ් කිරීම ඉතින් හැමෝම කරනවා, මමත් ඇතුළුව.
    සින්දු, වීඩියෝ, සොෆ්ට්වෙයා, වගේ ඒවා.
    ඒක ඉතිං මංදා...
    සමහර ඒවා නම් නිල වශයෙන්ම වෙබ් එකට දාපුවා.
    මම බලල තියන හොඳම ළමා චිත්‍රපට තමා,
    පුංචි ඉත්තෑවා,Some Birds Can't fly,Up,Fantastic Mr. Fox,

    ReplyDelete
  18. චමින්ද ගුණරත්න ස්තුතිය් ආවට
    ඔබ නොදු‍ටු ලොවක් අනෙ මන් දන්නෙ නෑ මොනවා කියන්නද කියලා
    Hasitha ඇත්තටම මම "ගමනී" විචාරය ගැන දන්නෙ නෑ මට තාම බලන්න බැරි උනා මෙ සතියෙ කොහොම හරි බලන්න ඕනා.
    බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! නිර්මානයක් කිරීමෙ අයිතිය නිර්මාන ශිල්පියා සතුයි. එය භාර ගැනීම හො නොගැනීම අපෙ වැඩක් මගෙ මෙ ලිපියෙ අරමුන උනෙ නිර්මාන හොරකම් නවත්වන එක විතරයි

    ReplyDelete
  19. Gordonia ceylanica
    …මම නම් නිර්මාන ශිල්පියාගෙ ජාතකය ගැන හිතන්න යන්නෙ නෑ . අනික ආර්තික වාසියක් තකා හරි නිර්මානයක් කරන එක නෙද වැදගත්කම. ඔබගෙ කමෙන්ටුවෙ එක තැනක තියනවා "අපෙ රටේ හොඳ චිත්‍රපටි හැදෙනවා අඩුයි" කියලා ඇත්ත එහෙම වෙන්නෙ ඒ ම්නිහට ආර්තික ලාබයක් ඉන් නොලැබෙන නිසයි. ඉන්දියාවෙ Yash Chopra ,Mani Ratnam , A.R. Rahman ,Shah Rukh වගෙ අය ඒයට ආර්තික ලාබ ලැබුනෙ නැත්නම් අපිට අපි ආසාවෙන් නරඹපු චිත්‍රපටි බලන්න ලැබෙයිද?

    ReplyDelete
  20. ‎.
    මම උඹට බනින්න හදල ...ආයි නිකමට වගේ බැලුවෙ...වැඩේ එල....ලoකාවෙ සිනමාවට බැන බැන හොලිවුඩ් බලන උන්ට...ඒවට ලo කරන්නවත් බෑ කියල තත්පුලන් ගහන ගොන් මී හරක්ට මේක හොඳ පණිවිඩයක්...ලoකාවට හොලිවුඩ් බොලිවුඩ් මේ මොන කෙහෙල්මල වුනත් පාගල ඉදිරියට එන්න පුළුවන් අවස්තාවන් නැති කරනව මේ වගේ ලින්ක් දාන එකෙන්...මුලින්ම කරන්න ඕන චිත්‍රපට හදන මිනිස්සුන්ව දිරිමත් කරන්න තව චිත්‍රපටි හදන්න....වරදිනකොට තමා හරියන්නෙ.....ලoකාවෙ මිනිස්සු ඉන්නව ජේම්ස් කැමරන්ලවත් පිස්සු වට්ටවන....ඒ මිනිස්සුන්ට අපි එකතු වෙලා ශක්තිය දහිරිය ලබා දෙමු....චිත්‍රපටියක් බලන්න අපි සිනමාහලකටම යමු......මෙහෙම දෙයක්වත් අපි කරමු රට වෙනුවෙන්...අපි වෙනුවෙන්...
    ______ගාමිණී බලන්න හැමෝම, හොඳ නිර්මාණයක්______

    ReplyDelete
  21. මටනම් ෆිල්ම් බාගෙන බලන එකට මොනවත් කියන්න බෑ.මොකද ෆිල්ම් එකක් බාගෙන බැලුවා කියල ඒකෙන් හෙළ සිනමාවට හෙන වදින්නේ නෑ.හෙළ සිනමාවට හෙනේ අපේ උන් බොලිවුඩ් ඒවා ලොකු කරගෙන අපේ ඒවාට බලු බැනුම් හා නොයෙක් විදියේ කපහැරීම් කරන නිසයි.කෙහෙල්මල් බලදාරියෙක් හරි වෙන මොකෙක් හරි සන්විදනාත්මකව ඒ ගමනට පුළුවන්තරම් බාදා ඇතිකරන නිසයි.ඔයාලම බලන්න ටොරන්ට් වලම හින්දි ෆිල්ම් එකකටයි සිංහල ෆිල්ම් එකකටයි ඉංග්‍රීසි පැත්තකටම දාමු.තියෙන ඉල්ලුම සහ බාගත කිරීම් ගණන.එකෙනුත් අපේ ලංකාවේ උන්ම කිදාහක්‌ ඉන්නවා ඇත්ද.අනිත් එක අපි වගේ විදෙස්ගත වෙලා ඉන්න කෙනෙකුට ෆිල්ම් එකක් බාගෙන බලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.කොහොම උනත් බැන බැනම හරි මේ පෙට්ටගමේත් ඔයා මේ ෆිල්ම් එක දැම්මේ මොකක් බලාපොරොත්තුවෙන්ද.අනිත් අයට බාගෙන බලන්න එපා කියන ගමන පොඩි හෙල්ප් එකකුත් දෙනවා නේද බාගෙන බලන්න.මුලින්ම ඔන්න ඔය වැඩේ එහෙමනම් නවත්තන්න ඕනේ.ගණන් ගන්න එපා,කොහොම උනත් එල වැඩේ.මටනම් කව්රු එපා කිව්වත් මට අහුඋනු ගමන් මමනම් බාගන්නවා.මේකත් මම බලල තිබුනේ.ඒත් මේ කොපි එක වෙනස් ඇති කියල හිතනවා.මොකද කලින් එකේ කොලිටිය ඒ තරම් හොඳට තිබ්බේ නෑ.තාම බාන ගමන්.මේ වෙලාවේ කොමන්ට් කරේ ආයෙමත් මෙතනට එයිද කියල ෂුවර් නැති නිසා.මොකද ෆිල්ම් එකක් බැලුවට පස්සේ ආයෙමත් එතනට ගොඩවෙලා කොමෙන්ට් කරනවට වඩා ඒ වෙලාවේ වෙන ෆිල්ම් එකක් බාන්න ට්‍රයි එකක් දෙනවා.ඒ නිසයි බාන ගමන්ම කොමෙන්ට් කරන්නේ.

    ReplyDelete
  22. ඔන්න මාත් පෙට්ටගමේ මෙම්බර් කෙනෙක් උනා.

    ReplyDelete
  23. ane nikan gon part danne nathuwa hitapan

    ReplyDelete
  24. ගාමිණී මාත් බැලුවා.පොඩි විචාරයක් ලියන්න ඕන.ටොරන්ට් වලින් බෑවට මම හිතන්නෙ ඒ අය හොයන්න ඕන ගාන හොයා ගත්තා.

    ReplyDelete
  25. Gamini jatiwadi chithra patayak tamai, e unata eken kiyawenne atta . Umbata mole tibbata atmartha kuhaka hatta. oka tamai sinhala jatiyata kelawenne. jatiyata vina karanne pitatin ena ewwo nowei atulema inna umbala wage pilila.

    Lakshitha

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..